ප්‍රථම මහාචාර්යවරිය අමරා රණතුංග අභාවප්‍රාප්ත වෙයි



හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන්  ප්‍රවීණ ගායන ශිල්පිනි මහාචාර්ය අමරා රණතුංග  මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඥාතීන් සඳහන් කළේ දින කිහිපයක සිට ඇය කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (15) රාත්‍රියේ රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් ඒ මහත්මිය ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

ප්‍රවීණ ගායන ශිල්පි දයාරත්න රණතුංගගේ බිරිඳ වන ඇය මෙරට සංගීත ක්ෂේත්‍රයේ ප්‍රථම මහාචාර්යවරිය යි. මිය යන විට ඇය
79 වන වියේ හී පසුවී තිබෙනවා.

Powered by Blogger.