රහස් පොලීසිය තුල තමාව ඝාතන කිරීමේ සැලැස්මක් අති බවට ඉන්දියානු ජාතිකයා අධිකරණයේ හෙළිකරයි



තමන්ව රහස් පොලීසිය තුලදී ඝාතනය කිරීමට සූදානමක් ඇති බව අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී විවෘත ප්‍රකාශයක් සිදුකරමින් රදවාගෙන ප‍්‍රශ්න කරමින් සිටින ඉන්දියානු ජාතිකයා කියා සිටියා.

ජනාධිපති මෛත‍්‍රී හා හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ඝාතන කිරීම කුමන්ත‍්‍රණ කලේ යයි චෝදනා මත ප‍්‍රශ්න කරමින් ඇති මර්සලීන් ගෝමස් නම් මෙම පුද්ගලයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ මේ සම්බන්දයෙන් අධිකරණයට ලිඛිත කරුනු දැක්වීමක් කිරීම
ට අවසර දෙන ලෙසයි.
ඒ සදහා ඔහුට අවශ්‍ය කඩදාසි සහ පෑන් ලබා දෙන ලෙසට ද  මහෙස්ත්‍රාත්වරිය විසින් නියෝග කළා.

Powered by Blogger.