ස්‌වභාවික වායු නිධියක්‌ මන්නාරම් ද්‍රෝණියෙන් හමු වෙයි


ස්‌වභාවික වායු නිධියක්‌ මන්නාරම් ද්‍රෝණියෙන් හමුවී ඇතැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති අර්ජුන රණතුංග මහතා පවසනවා.

මෙම භාවික වායු නිධිය ලබාගතහොත් වසර 20 ක කාලයක්‌ මෙගවොට්‌ 300 බැගින් විදුලිය නිපදවිය හැකි බවටයි පරීක්ෂණ වලින්  තහවුරු වී ඇත්තේ.

මෙම නිධිය ඝන අඩි 350 කින් යුක්‌ත බවත් එය සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීමට විවෘත ටෙන්ඩර් කැඳවීමක්‌ ඉදිරි දිනවලදී සිදුකිරීමට නියමිත බවත් (22 දා) එම අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්‌වෙමින් ඇමැතිවරයා සඳහන් කළා.

තෙල් සහ ගෑස්‌ නිධි ගවේෂණය කරන “ස්‌ලම්බුජා” නමැති ජාත්‍යන්තර සමාගම විසින් මන්නාරම් ද්‍රෝණිය කොටස්‌ කර කළ නිරීක්‍ෂණයේදී ‘එම් 2‘ ලෙස නම් කළ කොටසේ මෙම ස්‌වභාවික ගෑස්‌ නිධිය පවතින බවද ඇමැතිවරයා අවධාරණය කර සිටියා.

මෙම නිධිය මන්නාරම් ද්‍රෝණියේ මීටර් 1500 ක ගැඹුරු මුහුදේ සිට තවත් මීටර් 2000 ක්‌ පමණ භූගතව පිහිටා තිබෙන අතර, මෙම නිධිය ලබාගැනීම සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 750 ක පමණ ආයෝජනයක්‌ කළ යුතු බවද ඒ සඳහා ජාත්‍යන්තර වෙළෙඳපළේ ටෙන්ඩර් කැඳවීමක්‌ සිදුකරන බවද ඇමැතිවරයා කියා සිටියා.

Powered by Blogger.