ඩී. වී. උපුල් දකු‍ණේ යළි යකා නටයි - ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට බිම දමා පහර පිට පහර දෙයි



 දකුණු පළාත් සභා මන්ත්‍රී ඩී. වී. උපුල්  ඇතුළු පිරිසක්‌ විසින් වැලිගම ප්‍රාදේශීය සභා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මන්ත්‍රී ලලිත් රෝහණ ප්‍රියන්ත  ඇතුළු ආධාරකරුවන් පිරිසකට ඊයේ (08) පෙරවරුවේදී තංගල්ල කුඩාවැල්ල ධීවර වරාය ඉදිරිපිටදී පහර දී තිබෙනවා.

පහර කෑමෙන් තුවාල ලැබූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා සහ තවත් පුද්ගලයකු මාතර රෝහලට ඇතුළත් කර ඇති බවටයි වාර්ථා වෙන්නේ.

ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලලිත් රෝහණ  ඊයේ කුඩාවැල්ල ධීවර වරාය වෙත පැමිණ ඇත්තේ මාළු මිලදී ගැනීමට වන අතර ඒ අනුව ඔහු මාළු මිලදී ගෙන ධීවර වරායෙන් පිටතට පැමිණෙද්දී වාහන කිහිපයකින් එහි පැමිණ ඇති   ඩී. වී. උපුල්  ඇතුළු පිරිසක්‌ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාට සහ ධීවර වරායේ සිටි තවත් පිරිසකට ඉවක්‌ බවක්‌ නොමැතිව පහරදී තිබෙනවා.

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා මේ පිළිබඳව දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිවරයාට පැමිණිලි කර ඇති අතර පසුව රෝහල්ගත වී ඇති බවයි වාර්තා වන්නේ.

 කෙසේ වෙතත්  පොලිසියසඳහන් කළේ දේශපාලන ආරවුලක්‌ මත මෙම පහරදීම සිදුවන්නට ඇති බවයි.

Powered by Blogger.