ජනාධිපති උත්සව අධ්‍යක්ෂ අත්අඩංගුවට ගනී



ජනාධිපති උත්සව අධ්‍යක්ෂ රුවන් එදිරිසිංහ මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මැක්ස් රූපවාහිනී හා ගුවන් විදුලි නාලිකාවේ ප්‍රධානී මහින්ද රාමනායක මහතාගේ බෑණා වන රුවන් එදිරිසිංහ හට පසුගිය දිනක ද එම පවුලෙම ආරවුලක් ඇති වුණේ මැක්ස් රූපවාහිනී හා ගුවන් විදුලි නාලිකාවන් රහසේ විකුණා දැමීමට සැලසුම් කිරීම හේතුවෙන්.

IMG 4532අදාළ නාලිකාවන් රුවන් විකුණා දැමීමට ගොස් ඇත්තේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගේ බෑණා වන බැඳුම්කර සිද්ධියට සම්බන්ධ අර්ජුන ඇලෝසියස්ටය.

රුවන් විසින් එම නාලිකාව විකිණීමට යන පුද්ගලයා මහින්ද රාමනායකට ද හෙළිකර නොමැති අතර එය හෙළිවීමෙන් පසුව මේ ගැටුම ඇතිව ඇති වූ බව පැවසේ.

කෙසේවුවද, රුවන් අදාළ නාලිකාව ඇලෝසියස්ට විකිණීමට ගොස් ඇත්තේ එම ගනුදෙනුව හරහා ලැබෙන විශාල කොමිස් මුදලක් නිසා බවද වාර්තා වේ.

නාලිකාවන් විකිණීමට මහින්ද රාමනායක මහතාගේ වැඩිමහල් පුත් ජනක රාමනායක මහතා විරෝධය දක්වා ඇති අතර අදාළ නාලිකාවන් හි වැඩි අයිතියක් සතුවන්නේ ඔහුට බවට සඳහන්.




Powered by Blogger.