පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනා නිදොස් කොට නිදහස්


හිටපු වෙළඳ අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තුන්දෙනා විත්තියේ සාක්ෂි කැදවීමකින් තොරව නිදොස් කොට නිදහස් කිරීමට කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර අද (17)  නියෝග කළා.

පසුගිය 09 වනදා මෙම නඩුව අවසන් වරට කැදවූ අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස අධිකරණයෙන් ඉල්ලා සිටියේ තම සේවාදායකයන් නිදොස් කොට නිදහස් කරන ලෙසටයි.

අධි චෝදනා යටතේ එල්ල කර තිබෙන චෝදනා නිසා මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකි බවත් පැමිණිල්ලේ සාක්ෂි විශ්වසනීයත්වයෙන් මඟ හැරී ඇති බැවින් පැමිණිල්ලේ සාක්ෂි පරස්පර විරෝධී බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා.

සතොස ආයතනයේ සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් හිටපු වෙළඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, සතොස සභාපති හා අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයාට එරෙහිව මෙම නඩුව දිනපතා විභාගයට

කුරුණෑගල සතොස ආයතනයට අයත් යන්තම්පලාව ශාඛාවෙන් 2013 වසරේදී මිලියන 37ක මුදලක් සාවද්‍ය පරිහණය කළ බව පවසමින් එවකට හිටපු වෙළඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු හට චොදනා ගොනු කර තිබුණා.

අධිකරණ භූමියෙන් එළියට පැමිණි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කියා සිටියේ තමාව අපහසුතාවයට පත් කල FCID ඇතුළු අනෙකුත් රාජ්‍ය ආයතනයන් හා නිළදාරීන්ට එරෙහිව නඩු පවරන බවයි
Powered by Blogger.