නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍යාංශයයේ වැඩ බාර ගනිමින් කළ කථාව මෙන්න




මුදල් අමාත්‍යාංශයේ දී සිය ධූරයේ වැඩ ආරම්භ කරමින්  මහින්ද රාජපක්ෂ මහතා ඔහු  කියා සිටියේ දීර්ඝ කාලයක්  මෙම අමාත්‍යධූරය දරපු අමාත්‍යවරයෙක් ලෙස ඉතා සන්තෝෂයෙන් තමා අතීතයේ කටයුතු කළ බවයි.

එමෙන්ම සුනාමිය පැමිණි කාලයේ දී ප්‍රශ්න රාශියක් මැද රටේ ආර්ථිකය ඉතා කෙටි කාලයකින් විසඳා ගැනීමට හැකි වු බව ද ඔහු සඳහන් කළා.

මේ අතර පසුගිය රජය  සමයේ ඉදිරිපත් කළ ඉන්ධන මිල සූත්‍රය වෙනස් කළ යුතු බවද මූල්‍ය කලමණාකාරීත්වයෙන් යුතුව යුද්ධය පැවති කාලයේ තමා මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බවද වැඩි දුරටත් කියාසිටියා.

ජාත්‍යන්තර වෙළඳ පොළේ තෙල් සීඝ්‍රයෙන් ඉහළ ගිය ද ආර්ථිකය ශක්තිමත්ව පවත්වා ගැනීමට තමාට මෙම අමාත්‍යාංශය යටතේ හැකියාව ලැබුණු බව ද කියා සිටි මහින්ද රාජපක්ෂ මහතා තමා මුදල් අමාත්‍යාංශය දැරූ කාලයේ දී අය වැය හිඟය පවා ක්‍රමානුකූලව අඩු කිරීමට හැකි වු බවයි ඔහු පැවසුවේ.

අද වන විට ග්‍රාමීය ආර්ථිකය දැඩි පසු බෑමකට ලක්ව ඇති බවත් නාගරික පරිසරය දැඩි ලෙස පරිහානියට පත්ව ඇති බව ත් මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

මැතිවරණ කල් දැමීමෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැති වී ඇති බව ද පැවසු රාජපක්ෂ මහතා, අද වන විට මුළු ලෝකෙටම රට ඒකාධිපති පාලනයකට යන බව අගවන බවත් කියා සිටියා

අද වන විට මුදල් අමත්‍යාංශය අභියෝග රැසකට මුහුණ දීමට තිබෙන බව ද  බදු ගෙවීමට අවශ්‍ය වැඩපිළිවෙලක් සැකසිය යුතු බව ද ආර්ථිකය පිළිබඳ නිශ්චිතභාවයක් ඇති කළ යුතු බව ද සඳහන් කළා.

දේශීය කර්මාන්ත බොහෝ සෙයින් අඩපණ වී ඇති බවත් කියා සිටි අමාත්‍යරවයා හඳුන්කූරු පවා අද වන විට පිටරටින් ගෙන්වන බවයි ඔහු කියා සිටියේ.

ජනාධිපති වශයෙන් මුදල් අමාත්‍යධූරයේ කාලයක් සිටි බවත්, දැන් අගමැති වශයෙන් මුදල් අමාත්‍ය ධූරයේ සිටින බවත් රට ආරක්ෂා කර ගනිමින් රටේ ආනගත පරපුර වෙනුවෙන් ආර්ථිකය ගොඩ නැඟීම තම බලාපොරොත්තුව බව ද ඔහු සඳහන් කළා.

Powered by Blogger.