ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන මූල්‍ය නිලධාරිවරයා CID එක අත්අඩංගුවට ගනී




සැකපිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන මූල්‍ය නිලධාරි විමල් නන්දික දිසානායක ඊයේ (22) සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ආරංච් මාර්ග සඳහන් කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හිමි විය යුතු මුදලක් වෙනත් ගිණුමකට බැර කිරීමට උත්සහ ගැනීමේ සිද්ධියක් සමිබන්ධයෙන් ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත් බවයි.


හෝමාගම ගලවිල වත්ත පදිංචි ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2013 වසරේ සිට විකාශන අයිතිය හිමිව තිබූ සෝනි සමාගමට කළ ගෙවීම්  වංචාවට ලක්කිරීමට උත්සාහ කළ බවට චොදනා එල්ල වී ඇත.

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සෝනි සමාගමේ මුදල් ගෙවීම් සිදුකරනු ලබන්නේ අදියර තුනකිනි.

පළමු අධියර ලෙස මෙරට ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට දින නියම වූ විට සියයට පනහක්, අනතුරුව අදාල තරගාවලියේ ක්‍රිකට් ක්‍රීඩකයන් මෙරටට පැමිණි පසු සියයට තිස් පහක් හා අවසානයේ ක්‍රිකට් තරගය නිමා වූ පසු සියයට පහළොවක් වශයෙනි.

ඉකුත් දිනවල දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙරටට පැමිණි තරගාවලිය නිමා කළ පසු ගෙවිය යුතු මුදල් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිණුමට නොව චෙනත් ගිණුම් අංකයක් ලබා දි ඊට බැර කරන ලෙස ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන මුල්‍ය නිලධාරියා සෝනි සමාගමට දන්වා ඇත. ‍

එමෙන්ම එංගලන්ත කණ්ඩායම මෙරටට පැමිණි පසු ගෙවීය යුතු මුදල්ද ඉහත කී ගිණුම් අංශයට බැර කරන ලෙස දන්වා ඇත් අතර, මෙකී ගීණුම ඇමෙරිකාවේ පවතින ගිණුමක් බවටයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

මේ පිළිබඳ සෝනි ආයතනයට යම් සැකයක් ඇති වී ඒ පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියාව දැනුවත් කර තිබෙන  අතර, ඒ අනුව ප්‍රධාන විධායක නිලධාරි ඈස්ලි ද සිල්වා මහතා ක්‍රීඩා අමාත්‍යවරයා දැනුවත් කර ඇත.

අනතුරුව ඔහුගේ උපදෙස් මත පොලිස් මූල්‍ය කොටිඨාශය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත්තේ ආයතනයට හිමිවිය යුතු ඇමරිකානු ඩොලර් මිලියන 5.5 ක මුදලක් වෙනත් ගිණුමකට බැර කිරීමේ උත්සහය කරන බවටයි. මෙම සැකසහිත ඇමරිකානු ගිණුම ඔහුට සම්බන්ධයක් ඇති ගිණුමක් බව පරීක්ෂණවලදී කරුණු අනාවරණය වීමත් සමග මේ පිලිබඳව ක්‍රියාත්මක වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.


සැකකරු අද (23) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි











Powered by Blogger.