හිරුණිකාට තද වෙයි දෙරණට දෙහි කපයි "හිරු මට ගහන එක ප්‍රශ්ණයක් නෑ" FCID එකට මාව කැඳෙව්වේ නැත්තන් මම එනවා FCID එකට




පාර්ලිමෙන්තු මන්ත‍්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර තමාට එල්ල වී ඇති චෝදනාවන්ට වරද පිළිගෙන  නඩුව අවසන් කරගැනීමට සුදානම් බවට පල වූ මාධ්‍ය වාර්ථා සම්බන්දයෙන් ඊතා ආවේගශීලීව ඊයේ පැවති  පාර්ලිමේන්තු සභාවාරයේ දී අදහස් දක්වා සිටියා.

වරප‍්‍රසාද ප‍්‍රශ්නයක් නගමින් අදහස් දැක්වූ හිරුණිකා මන්ත‍්‍රීවරිය කියා සිටියේ තමා වරදක් නොකර ඇති බැවින් කිසිදිනක එම වැරුද්ද පිළි නොගන්නා බවයි.

විනිසුරුවරයා දෙපාර්ශවයේ නීතිඥයින් කැඳවමින් නඩුව කෙටි ක්‍රමයකින් අවසන් කරගැනීම සඳහා සමථයකට පත්වීමට කැමතිදැයි විමසූ බවත් එතනින් එහාට කිසිවක් කතා නොකළ බවත් උසාවිය තුලදී සිදු වුනේ කුමක්දැයි යන්න පැහැදිලි කරමින් ඇය කියා සිටියා.

එමෙන්ම ඇය වරද පිළිගැනීමට කැමති වූ බව මාධ්‍යවේදීන් කිසිදු විමසා බැලීමකින් තොරව වාර්තා කර ඇති බවයි ඇය වැඩි දුරටත් කියා සිටියේ.

තවද  මගනැගුම සුබසාධක ගිණුමකින් හිරුණිකා මන්ත‍්‍රිවරයට කෝටි 02ක් ලබාදුන් මුදලක් සම්බන්ධයෙන් පළවු පුවතක් සම්බන්ධයෙන්ද මන්ත‍්‍රිවරිය එහිදී අදහස් දක්වා සිටියා

සම්පූර්ණ කතාව පහතින්

Powered by Blogger.