ICC දූෂණ මර්දන නිලධාරීන් හදිසියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කඩා වදී - ක්‍රිකට් ආයතයේ ප්‍රධානියෙකු රැගෙන යයි




අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් පිරිසක් හදිසියේ අද 08 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත පැමිණියා.
ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පළාත් පුහුණුකරුවන්ගේ ප්‍රධානියා (Head of Provincial Coaches) ලෙස කටයුතු කරන හේමාල් මෙන්ඩිස්ගෙන් ප්‍රශ්ණ කිරීම සඳහායි.


එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ තරග පාවාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්ණ කල බවයි.  ඔහුගෙන් තවය දුරටත් ප්‍රශ්න කිරීම සදහා රැගෙන ගොස් ඇති අතර,  අන්තර් ජාතික ක්‍රරිකට් කවුන්සිලයේ නිලධාරීන් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකුද ක්‍රිකට් ආයතනයට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

මීට පෙර අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය හිටපු වේග පන්දු යවන ක්‍රීඩක නුවන් සොයිසාගෙන්ද තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රශ්න කළා.

Powered by Blogger.