ඒ එස් පී ලියනගේට ඇත්තටම එදා මොකද වුනේ - අරන් ගියාද? අරන් යන්න වුනාද? - Photos



තානාපතිවරයකු යනු රාජ්‍යත්‍රාන්ත්‍රික ගනුදෙනුවල දී වැදගත් තැනක් හිමිවන පුද්ගලයෙකි.  ශ්‍රී ලංකාවේ, කටාර්හී තානාපතිවරයා ලෙස කටයුතු කරන ව්‍යාපාරික ඒ එස් පී ලියනගේ මහතා වෙනත් අයෙකුගේ ගමන් මල්ලක් ඇදගෙන යන පින්තූර කිහිපයක් මේ දින වල අන්තර් ජාලයේ හුවමාරු වෙනවා.

 මෙම ගමන් මල්ල කාගේ ද යන්න පිළිබඳව සමාජ ජාල මාධ්‍ය ඔස්සේ විවිධ මත පළ වන අතර, හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පුතුනුවන් දෙදෙනෙකු වන රෝහිත රාජපක්ෂ හා යොශිත රාජපක්ෂ,  සී එච් රග්බි කණ්ඩායම කටාර් හී සංචාරයක වන අවස්ථාවේ දීයි මෙම ජායාරෑප කිහිපය ගෙන ඇත්තේ.  ඇතැමුන් පවසන්නේ එම  අවස්ථාවේ ඔහුනොහුන් අතර ඇති හිතවත්කම වෙනුවෙන් කටාර්හී තානාපතිවරයා ලෙස කටයුතු කරන ඒ එස් පී ලියනගේ මහතා ගුවන් තොටුපලේ සිට ගමන් මලු රැගෙනයාමට දායක වූ බවයි.

කෙසේ වෙතත් රටක් නියෝජනය කරන තානාපතිවරයකු මෙවැනි ක්‍රියාවක් සිදු කිරීම බොහෝ දෙනාගේ  අප්‍රසාදය පළකර තිබෙනවා.




Powered by Blogger.