හැටන් දුම්රිය ස්ථනයේ බාබුල් කෑව මගියෙකු දුම්රිය ස්ථානයේ වේදිකාවේ අසුන්ගෙන සිටියදිම ජිවිතක්ෂයට - Photos



රාත්‍රි තැපැල් දුම්රියෙන් කොළඹ කොටුව දක්වා යාමට හැටන් දුම්රිය ස්ථනයට පැමිණි මගියෙකු දුම්රිය ස්ථානයේ වේදිකාවේ අසුන්ගෙන සිටියදිම මිය ගොස් තිබෙනවා.

48 හැවිරිදි තිදරු පියෙක් වන ඔහු  මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි සුප්පයියා මර්දන් සිවලිංගම් නැමති  අයෙක්.

මරණකරුගේ පශ්චාත් මරණ පරික්ෂණයෙ දී අණාවරනය වී ඇත්තේ  බාබුල් නැමති මත් බුලත් විට කැම නිසා එම බුලත් විට ස්වසානාලයේ සිර විමෙන් මෙම මරණය සිදු වි ඇති බවටයි.

කෙසේ වෙතත්  හැටන් නගරයේ ද පාසල් ළමුන් ඇතුළු තරුණයන් ඉලක්ක කර ගනිමින්  බාබුල් නැමති මත් බුලත් විට ඉතා සූක්ෂම ලෙස අලෙවි කරන අතර,  පාසල් ළමුන් සහ තරුණයන් මෙම මත් උවදුරෙන් මුදාවා ගැනිමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට පොලීසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.



Powered by Blogger.