මේගන් හැරීට කුඩේ ඇල්ලුව කතාවට එහා ගිය ගමක් සංවේදී කල කතාව මෙන්න - Photos



වසර දෙකක් තිස්සේ පැවැති නියඟය නිමාකරමින් ඕස්ට්‍රේලියාවේ ඩබෝ ග‍්‍රාමීය ගොවි ප‍්‍රදේශයට බ්‍රිතාන්‍ය රජ පවුලේ හැරී කුමරු හා මේගන් මාර්කෙල් කුමරිය  වැසි ගෙන ආ බව පවසමින් ප‍්‍රදේශවාසීන් සතුටු කඳුළු හෙළු පුවතක් පසුගිය දා අසන්නට ලැබුණා.

ඕස්ට්‍රේලියාවේ රාජකීය සංචාරයක සඳහා ගිය  බ්‍රිතාන්‍ය රජ පවුලේ හැරී කුමරු හා ආදිපාදවරිය වූ මේගන් මාර්කෙල් කුමරිය අති දුෂ්කර ගොවි ගම්මානයක් වූ ඩබෝ ගොවි ප‍්‍රදේශයට පැමිණියා. නියඟයෙන් මෙන්ම දැඩි ආර්ථික අර්බුදයෙන් පීඩා විඳින මෙම ජනතාව සමග කාලය ගත කල හැරී කුමරු ඩබෝ  හීදී කෙටි දේශනයක් සිදු කිරීමට සූදානම් වී තිබෙනවා.

එහිදී හැරී කුමරුගේ දේශනය අතරතුර රැස්ව සිටි සැවොම පුදුමයට පත් කරමින් දිගු කලක සිට පැවති නියංඟය නිමා කරමින් එම ප්‍රදේශයට වැසි ඇද හැලෙන්නට පටන් ගත් බවයි එරට මාධ්‍ය සඳහන් කළේ. ඒ අවස්තාවේ දී  එහි රැස්ව සිටි ජනතාව සතුටු කඳුළු හෙලමින්  ‘දෙව්ලොව සිට ආ කුමරු හා කුමරිය වැසි ගෙන ආවා’ යැයි ප්‍රීති ඝෝශා කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙම අවස්ථාවෙ දී මේගන් කුමරිය තම ස්වාමි භක්තිය පෙන්වමින්  හැරී කුමරුගේ දේශනය අවසන් වනතුරුම ඔහුව නෙතෙමී සිටීමට කුඩයක් අල්ලා සිටීම කාගේත් සිද් ඇදගන්නා සුළු ලොව පුරා කතාබහට ලක් වූ දර්ශනයක් වුනා.

මෙම ප‍්‍රදේශයට බ්‍රිතාන්‍ය රජ පවුලේ සාමාජිකයකු පැමිණ තිබුණේ වසර 64කට පසු වීම ද විශේෂත්වයක්.









Powered by Blogger.