විවාහ මංගල උත්සවයෙදි වැදි නායක ඇසු ප්‍රශ්නයට දෙදෙනාම නිහඬයි - සරණගෙන් හිටපු ජනපතිට අමුතු පිළිතුරක් - Photos



ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රීනී සන්ධ්‍යා ගුණවර්ධන හා ශ‍්‍රීලනිප මීරිගම ආසන සංවිධායක සංජය සරිවර්ධනගේ දියණියගේ විවාහ මංගල උත්සවය ඊයේ පැවැත් වුණේ මීගමුව කුරණ ප‍්‍රදේශයේ හෝටලයකදීයී.

මෙම විවාහ මංගල උත්සවයේ  සාක්‍ෂිකරැවන් ලෙස ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහභාගී වී තිබෙනවා.

විවාහයට අත්සන් කිරීමෙන් පසු ජනාධිපතිවරයා හා හිටපු ජනාධිපතිවරයා සඳහා අසුන් පනවා තිබුණේ වැදි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගේ ආසනයට දෙපසින් බවටයි වාර්ථා උණේ.
එහිදී  අසුන්ගෙන සිටි  වැදිනායකයා විසින් ජනාධිපතිවරයා හා හිටපු ජනාධිපතිවරයා අමතමින් ‘තවත් මොනවද බලං ඉන්නේ. දැන්වත් එකතුවෙලා වැඩ කරන්න ටන් ගන්න’ කියා සඳහන් කර තිබෙනවා.

නමුත් එම ඉල්ලීමට ඔවුන් දෙදෙනාම කිසිදු අදහසක් ප‍්‍රකාශ කර නැති අතර සිනහවකින් පමණක් ප‍්‍රතිචාර දක්වා ඇත.

ටික වේලාවකින් ජනාධිපතිවරයා ඒ අසලම සිටි සරණ ගුණවර්ධන මහතා අමතමින් ‘කොහොමද සරණ කාලෙකින් දැක්කෙ නෑ’ පැවසූ විට පිලිතුරු ලෙස සරණ ගුණවර්ධන මහතා පවසා ඇත්තේ ‘දකින්නෙ කොහෙද සර් වැඩි කාලයක් හිරේනෙ හිටියෙ’ යනුවෙනි.

කෙසේ වෙතත්  මෙම හමුවට පෙර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායකගේ කොළඹ පිහිටි නිවසේදී හමුවී කරුණු කාරණා කිහිපයක් ගැන සාකච්ඡා කර තිබෙනවා.



Powered by Blogger.