පෙනය මගින් දීප්තිමත් එළියක් විහිදුවන නාගයෙක් මතුවී ගමක් කැළඹෙයි - Video



නාගයන්ට මහත් දේවත්වයෙන් සළකන ඉන්දියාවේ හොලේමාක්කි නමැති ගම්මානයේ අරුම පුදුම නාගයෙකු පිළිබඳව අසන්නට ලැබෙනවා.

ගම්මානයේ ගොවිබිමකින් හමු වී ඇති මෙම නාගයාගේ  නාග පෙනය මගින් දීප්තිමත් රතු පැහැයක් විහිදුවීම හේතුවෙන් ගම්මානයේ ජනතාව විමතියට පත්ව ඇති බවටයි එරට මාධ්‍ය සඳහන් කළේ.

පසුව ගම්වැසියන් මෙම නාගයාට වන්දනාමාන කර ඇති අතර, දිව්‍යමය බලයක් ඇති බවටයි ඔහුන් විශ්වාස කරන්නේ.

කෙසේ වුවත් සත්ත්ව විද්‍යාඥයින් පවසන්නේ නාගයින්ගේ පෙනයෙහි ස්වභාවිකව පිහිටන රතු පැහැ කොටස්වලට හිරු එළිය පතිත වී එම හිරු එළිය පෙනයේ අනෙක් පසින් පිටවීම නිසා මෙවැනි දසුනක් නිර්මාණය වී ඇති බවයි.

ශිව දෙවියන් හා සම්බන්ධව නාගයාට විශේෂ තැනක් ලැබෙන බැවින් හින්දු බැතිමතුන් අතීතයේ සිට නාගයාට ගෞරව දක්වන බව ද පැවසෙනවා.

අදාළ සිද්ධිය ජංගම දුරකතන කැමරාවක සටහන් වූ අයුරු පහතින්…




Powered by Blogger.