කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ කප්පම් ගෙවන ටැක්සි මැරයෝ වාහන කුඩු කරන්න යයි - Video



කටුනායක ජාත්‍යන්තර  ගුවන් තොටුපොල තුල ක්‍රියාත්මක වන කුලී රථ සේවය   (BIA Taxi Service) අනෙකුත් taxi සේවා වලට ගුවන්තොටුපොළ වෙත පැමිණීම තහනම් කරමින් මැර තර්ජන එල්ල කරන වීඩියොවක් මේ දින වල සමාජ ජාල මාධයේ හුවමාරු වෙමින් පවතිනවා.

ඉතා වැඩි මුදලකට සේවාව සපයන (BIA Taxi Service) ආයතනය, අඩු මුදලකට සේවා සපයන ආයතන වලට ගුවන් තොටුපොලට පැමිණිමට ඉඩ නොදෙන්නේ ඔහුන් ගුවන් තොටුපලේ කිසියම් පාර්ශවයකට කප්පම් මුදලක් ගෙවා සිය එකාධිකාරීත්වය පතුර ගැනීම හේතුවෙන් බවටයි අණාවරනය වෙන්නේ.

එම ස්ථානයට පැමිනෙන වෙනත් කුලීරථ කුඩු කරන බවට මැර තර්ජන එල්ල කිරීමට (BIA Taxi Service) ආයතනයේ සේවකයන් කටයුතු කරන්නේ රටේ ජාත්‍යන්තර ගුවන් තොටුපල තුළ වීම හාස්‍යයට කරුණකි.

තරඟකාරී වෙළදපල සමග උරෙන් උර ගැටෙනු විනා කප්පම් මුදලකට ගුවන්තොටුපල තුල තම අනසක පතුරවමින් අධික මුදලකට දෙස් විදෙස් ජනතාවට සපයන සේවය පිළිබඳව තවමත් අදාළ බළධාරීන්ගේ ඇස් යොමු නොවීම පුදුමයට කරුණකි.

තම අභිමතය පරිදි සේවාවන් තොරා ගැනීමට ජනතාවට අයිතියක් ඇත්තා සේම, පහසු මිලට හොඳ සේවාවක් සපයන සේවා ආයතන වලට තම සේවාවන් පාරිභෝගික ජනතාවට ලබා දීමේදී මෙවැනි ගැටලු ඇති නොවිය යුතුය.

අදාල වීඩියොව පහතින්




Powered by Blogger.