මොණරාගල මගන්දලමුල්ල සිය පෙම්වතා විසින් 22 හැවිරිදි තරුණියගේ ගෙල සිරකර මරා දැමූ හේතුව හෙළි වෙයි - Video


 තරුණියගේ පෙම්වතා විසින් ඇයව බිම දමාගෙන ගෙල මිරිකන ආකාරය ඒ අසල සිටි තවත් පිරිසක් විසින් ජංගම දුරකතනයකින් සිදු කල වීඩියෝව සම්බන්ධයෙන් සුළ මුල හෙළි වී තිබෙනවා.  මොණරාගල - සුමේධ වැව ඉස්මත්තේ තිබී ඝාතනය කරන ලද තරුණියකගේ මළ සිරුර හා මෙම වීඩියෝවේ දැක්වෙන තරුණිය හා සම්බන්ධ බවටයි හෙළි වී ඇත්තේ.

මොණරාගල මගන්දලමුල්ල සු‍මේධ වැව ආසන්නයේදී 24 වනදා උදෑසන තරුණියකගේ මළ සිරුරක් හමුව තිබුණා.  ඇයගේ හිස කොටස වැව් ජලයේ එරී තිබුණ අතර සිරුරේ ඉතිරි කොටස ගොඩබිමේ තිබුණා. ඇය වැවට යන පාරේදී ඝාතනය කර මෙතැනට ගෙනවිත් දමා ඇති බවට සාක්ෂි හමු විය.  ඇයව ඝාතනය කර තිබුනේ ගෙල මිරිකා බවත් එය කර ඇත්තේ  පෙම්වතා විසින් බවත් පසුව කරුණු එළි විය.

මියගිය තරුණිය 22 හැවිරිදි වියේ පසුවූ ඉරෝෂිනී ප්‍රියංගිකා නමැත්තියකි. වෘත්තියෙන් මොණරාගල ප්‍රදේශයේ රූපලාවන්‍ය ආයතනයක් පවත්වායාම සිදු කරගෙන ගිය ඇය අවසන් වරට එම ආයතනයේ සිට පැමිණ තිබුනේ පෙම්වතා හමුවීමටය. ගමේම අයෙකුවූ 23 හැවිරිදි පෙම්වතා කොළඹ රැකියාව කරන්නෙකු බවත් කොළඹ සිට සතිඅන්තයේ ගමට එන ඔහු ප්‍රශ්නයක් ගැන කථාකරන්න තියනවා යයි ඇයට දැනුම්දී තිබූ බවත් පරීක්ෂණ වලදී අනාවරණය විය.

මියගිය ඉරෝෂිනී රූපලාවන්‍ය ආයතනය කරගෙන යන්නේ පෙම්වතාගේ සොයුරිය සමගය. පෙම්වතාගේ පණිවිඩය ගැන ඇයටද දැනුම්දී ඉරෝෂිණී එදින ඔහු හමුවන්නට ගොස් තිබේ. වැව ළඟට ගිහින් කතාකරමු යයි පෙම්වතා ඇයව යතුරු පැදියේ නංවාගෙන එහි ගොස් ඇති බවට සාක්ෂි ලැබී තිබේ. ඉරෝෂිණී වෙනත් ඇසුරක් පවත්වන බවට හා ආගන්තුක දුරකථන ඇමතුම් තිබෙන බවට සැකයක් මත එම අවස්ථාවේ වාද කරන්නට ඇතිය යන්න ඉරෝෂිණීගේ සහායිකාව වූ පෙම්වතාගේ නැගණිය පොලිසියට පවසා ඇත.

වාදය අවසානයේ ආවේගාත්මකව පෙම්වතා පෙම්වතියගේ ගෙළ මිරිකා මරාදමන්නට ඇතිය යන්න මේ වනවිට ලැබී තිබෙන සාක්ෂි වලින් ඒත්තුගොස් ඇත. මළ සිරුර හමුවුනේ සෙනසුරාදා උදෑසන වන අතර එදිනම පෙම්වතා පොලිසියට භාර විය.

මියගිය ඉරෝෂිනී ප්‍රියංගිකා ගොවිතැනින් ජීවත්වූ දරුවන් 5 දෙනෙකු යුත් පවුලක වැඩිමල් දියණිය වූ බවද කියැවිණි. මළ සිරුර හමුවූ අවස්ථාවේ ඉරෝෂිණීගේ සිරුර දැක කම්පනයට පත්වූ ඇගේ මව පළාතම දෙවනත් කරමින් විලාප නැගුවාය. ඇයව විවාහ කරගන්නට අපේක්ෂාවෙන් දෙපාර්ශ්වයම දැනුවත්ව පැවැත්වූ සම්බන්ධතාවය මේ ආකාරයට නිමාවේය යන්න සිහිනෙන්වත් නොසිතූ දෙයක් බව මව පැවසුවා.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත නිකුත්වූ මෙම වීඩියෝවේ දැක්වෙන පරිදි මරණය කලින් වළක්වා ගතහැකිව තීබූ බවයි බොහෝ දෙනා චොදනා කළේ.ෙ

 එම වීඩියෝවේ දැක්වෙන්නේ ඝාතනය සිදුවූ මගන්දලමුල්ල සු‍මේධ වැව අසළ පටු පාරේ මැදකදී තරුණියක බිම දමාගෙන ඇගේ සිරුරට බර දමාගෙන තරුණයෙකු ගෙළ මිරිකමින් සිටින අයුරුයි.

ජංගම දුරකථනයකින් එය වීඩියෝ ගත කරන තරුණයන් දෙදෙනා සිදු කරන සංවාදයක්ද පටිගතවී තිබෙනවා.

මේ වනවිට අත්අඩංගුවේ පසුවන ඝාතන සැකකාර පෙම්වතා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

අදාල වීඩියෝව පහතින්

Powered by Blogger.