එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පාර්ශව 4ක් අද අධිකරණයට - “තහනම් නියෝගයක් දුන්නොත් අපිට ඒ වෙලාවෙම වැඩේ නවත්තන්න පුළුවන් - මැකෝ කියයි




පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය ව්‍යවස්ථා විරෝධී බව දක්වමින් එක්සත් ජාතික පක්ෂය ඇතුළු පාර්ශව 4ක් අද අධිකරණයට හමුවට යාමට නියමිතව තිබෙනවා.


 ජනතා විමුක්ති පෙරමුණ , ද්‍රවිඩ සන්ධානය, ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය , සමස්ත ලංකා ජනතා කොංග‍්‍රසය මේ අතර සිටී.ජනතා ඡන්දයෙන් තේරී පත්වූ පාර්ලිමේන්තුව ‍19 සංශෝධනය ප්‍රකාරව 2020 මාර්තු මාසය දක්වාවත් පැවැත්විය යුතු අතර ජනපතිගේ හිතුමනාපයට විසුරුවාලන්නට බැරි බව ඔවුනගේ තර්කයයි.

මෙසේ හෙයින් අද අධිකරණය හමුවේ කරන පැමිණිල්ල අනුව විධායකය ගත් තීන්දුවක් ගැන අධිකරණය අභියෝගාත්මක තීන්දුවකට යොමු වනු ඇත.
එක්සත් ජාතික පක්ෂය ප‍්‍රකාශ කළේ පවතින ගැටළුවට උපරිමාධිකරණය හරහා විසඳුමක් ලැබෙනු ඇති බවත් එසේ නොවුණත් තමන් මැතිවරණය සඳහා සූදානම් වන බවයි .


මේ අතර අධිකරණයට යාම හේතුවෙන් මැතිවරණය කල් යනු ඇත්දැයි නැගු ප‍්‍රශ්නයකට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය කියා සිටියේ,  “තහනම් නියෝගයක් දුන්නොත් අපිට ඒ වෙලාවෙම වැඩේ නවත්තන්න පුළුවන්. නමුත් තහනම් නියෝගයක් නොදී මේක කරගෙන යන්න වුනෝතින් එතකොට කාලය නැති වෙනවා. ඒ නිසා තහනම් නියෝගයක් ලැබෙන තෙක් ඒ කාර්යය කරගෙන යන්න අපේ නිලධාරීන් බැඳිලා ඉන්නවා.” යනුවෙනි.

Powered by Blogger.