මහමැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 500ක්


මහමැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 500ක් පමණ මුදලක් වැයවෙනු ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.

වර්තමානයේ ඇති තත්ත්වය දෙස බලන කල එය එතරම් මුදලක් නොවන බවයි ද ඔහු කියාසිටියේ.

එමෙන්ම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කිරීමට පෙර එදින සවස ජනාධිපතිවරයා විසින් තමන්ව කැඳවූ බවත් පාර්ලිමේන්තුව විසුරුවාහරින බවට එහි දී ජනාධිපතිවරයා විසින් තමන්ට ප්‍රකාශ කළ බවත් ඔහු අනාවරණය කළා.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ජනාධිපතිවරයාට මැතිවරණ කොමිසමෙන් උපදෙස් ලබා ගැනීමට අවශ්‍යතාවක් නොමැති බවයි ඔහු පෙන්වා දුන්නේ.

මැතිවරණය නොපවත්වා සිටීමේ වාතාවරණයක් රට තුළ නොමැති බවත් ඔහු අවධාරණය කළා.

තවද, මැතිවරණය නියමිත දිනයට අනිවාර්යෙන් පැවැත්වේද යනුවෙන් මාධ්‍යවේදියෙකු විමසූ විට සභාපතිවරයා පිළිතුරු දුන්නේ මේ ආකාරයෙන්.

“ඒවා කිසිදෙයක් ගැන කියන්න බෑ. මොකද දන්නවද? කිසිම දෙයක් ස්ථිර නැති ලෝකේ කිසිම දෙයක් ස්ථිරයි කියන්න බෑ”

Powered by Blogger.