ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද හදිසියේ කැඳවයි




 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් හදිසියේ කැඳ වීමට තීරණය කර තිබෙනවා. ඒ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ තීරණ කිහිපයක් ගැනීමට බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.  මේ සඳහා පක්‍ෂයේ අනුශාසකවරයෙකු වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාද සභභාගි වීමට නියමිතයි.

මෙතෙක් කලක් 15දෙනාගේ කණ්ඩායමේ පිරිස් මධ්‍යම කාරක සභා රැස්වීම වර්ජනය කළද, අද (01දා) දිනයේදී එම කණ්ඩායමද මධ්‍යම කාරක සභා රැස්වීමට සහභාගි වනු ඇතී.

ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ මෙම  15දෙනාගේ කණ්ඩායමේ තනතුරු අහිමි වූ පිරිස් වෙත නැවත තනතුරු ලබාදීම කෙරෙහිද පක්‍ෂයේ අවධානය යොමුව තිබෙන බවත්, ඒ පිළිබඳ අද (01දා) දිනයේදී සාකච්ඡා කෙරෙනු ඇති බවත් එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් සඳහන් කළා.

Powered by Blogger.