පවතින දේශපාලන හුටපටය නිසා සංචාරක කර්මාන්තයට වැදුනු අකුණු පහර


කොළඹ ඇතුළු බොහෝ ප්‍රදේශවල සංචාරකයන් පැමිණෙන සුකොපභෝගී හෝටල් වල කලින් වෙන්කරවා ගත් කාබර පහසුකම් අදාල සංචාරකයන් විසින් අවලංගු කර ඇති බවට ආරංචිමාර්ග සඳහන් කරනවා. මේ හේතුවෙන් සංචාරක කර්මාන්තයේ විශාල කඩාවැටීමේ අවධානමක පවතින බවයි හෝටල් හිමියන් පවසන්නේ. පවතින දේශපාලන වාතාවරණය සංචාරක ශේෂ්ත්‍රයට බලපා ඇති අන්දම පිළිබඳව ශ්‍රී ලංකා කුඩා හා මධ්‍යම සංචාරක ව්‍යවසායක සංගමය ද පසුගිය දා පැහැදිළි කළා.

එහි සභාපති රොහාන් අබේවික‍්‍රම කියා සිටියේ නිල නොවන සුනාමියක් සංචාරක කර්මාන්තයට පැමිණ ඇති බවයි.
 කොළඹ අද (18) පැවැති මාධ්‍ය හමුවක දී ඔහු මෙම අදහස් පළ කළා.

ජනවාරි පෙබරවාරි කියන්නේ ලංකාවේ සංචාරක ව්‍යාපාරය ඉහළම අවස්ථාවක් වන අවස්ථාවේදී අපි ඉල්ලා සිටිනවා මෙයට සම්බන්ධ අයට ලංකාවේ නිහතමානි තත්ත්වයක් ඇති කරන්න කියලා. එහෙම නැති උනොත් පහුගිය අවුරුදු 05 දී අමාරුවෙන් ගොඩ ගත්ත සංචාරක ව්‍යාපාරය කඩා වැටෙනවා. එකෙන් අනෙක් රටවල් ප්‍රයෝජන ගන්නවා. යුරෝපයේ රටවල් ලංකාවට සංචාරකයින් එවන එක නතර කරනවා. එයාලා දකිනවා ලංකාවේ පාර්ලිමේන්තුවේ වෙන දේවල්. ලංකාව හැංගිලා තියෙන රටක් නෙමෙයි. මේක හරියට නිල නොවන සුනාමියක් ආවා වගේ, ඔහු කියා සිටියා.

Powered by Blogger.