එක්සත් ජාතික පක්ෂයේ මීළඟ අගමැති අපේක්ෂකයා


එක්සත් ජාතික පක්ෂයේ අගමැති අපේක්ෂකයා නුදුරේදීම නම් කරන බව හිටපු අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා.

උඩුනුවර ගෙලිඔය නගරයේ පැවැති විරෝධතාවයකට එක්වෙමින් ඔහු මෙලෙස අදහස් දක්වා සිටියා...

“මෛත්‍රිපාල මේ පාර්ලිමේන්තුව  විසිරෙව්වෙ එයාලට පාර්ලිමේන්තුවේ 113 ක් නැති නිසා. නීති විරෝධි ව්‍යවස්ථා විරෝධි අගමැති මැති ඇමැතිවරු පත් කරළ බැරිම තැන ආණ්ඩුව විසිරෙව්වා. අපි මේ සම්බන්ධව අධිකරණයට යනවා. අද හොරු අල්ලන්න ආපු මෛත්‍රී හොරුත් එක්ක එකතුවෙලා අපිට වසර 3ක් ගියත් හොරු අල්ලන්න ඉඩ දුන්නෙ නෑ. හෙට අනිද්දම අගමැති අපේක්ෂකයා නම් කරනවා."

මේ අතර අරලියගහ මන්දිරයේ ඊයේ  පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් කියාසිටියේ ජනතාව පක්‍ෂයේ වෙනසක් අපේක්‍ෂාවෙන් සිටී නම් එය සිදුකිරීමට සූදානම් බවයි.

එමෙන්ම පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරුන්ගේ  අදහස වී ඇත්තේ පක්‍ෂ නායකත්වයේ රනිල් වික‍්‍රමසිංහ මහතා සිටියදී අගමැති අපේක්‍ෂකත්වය සජිත් පේ‍්‍රමදාස මහතාට ලබා දිය යුතු බවයි.

Powered by Blogger.