රනිල් වික්‍රමසිංහ අරලිය ගහ මන්දිරයෙන් පිටත්ව යයි


පාර්ලිමේන්තු සංකිර්ණයේදී අද (14) කැඳවා තිබූ පක්ෂ නායකයින්ගේ රැස්වීම මේ වන විට ආරම්භ වී තිබෙනවා. මේ සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා.

ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍ය ධූරය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉවත් කළ අවස්ථාවේ දී  ඔහු ගාල්ල ප්‍රදේශයේ සිටි අතර සිදුවූ දෙය ආරංචි වූ වහාම ඔහු අරලිය ගහ මන්දිරය වෙත පැමිණියා.

අනතුරුව පක්ෂයේ මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කළ ඔහු එදින රාත්‍රියේම මාධ්‍ය අමතමින් කියා සිටියේ මහින්ද රාජපක්ෂ වෙත අග්‍රාමාත්‍ය ධූරය ලබා දීම ව්‍යවස්ථා විරෝධී බැවින් තමා තවමත් මෙරට අග්‍රාමාත්‍යවරයා බවයි.

ඒ අනුව ඔහු අග්‍රාමාත්‍ය නිල නිවසවන අරලිය ගහ මන්දිරයෙන් පිටව යාම ප්‍රතික්ෂේප කළ අතර පසුව නව රජයට විරුද්ධව එක්සත් ජාතික පක්ෂය ගෙන යන වැඩපිලිවෙලේ කේන්ද්‍රස්ථානය බවට අරලිය ගහ මන්දිරය පත් වුණා.

කෙසේ වෙතත් අද පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වීම සඳහා  රනිල් වික්‍රමසිංහ මහතා දවස් ගණනාවකට පසු අරලියගහ මැදුරෙන් පිටත් වී පාර්ලිමේන්තුව වෙත පැමිණියා.


111111111


Powered by Blogger.