එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානීන් හදිසියේ විශේෂ සාකච්ඡාවක්



රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සාකච්ඡාවක් ඊයේ අරලියගහ මැදුරේ පැවැත්වුණා.

ඒ අද දින පාර්ලිමේන්තුව තුළ කටයුතුකරන ආකාරය සහ ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳවයි.

මෙම සාකච්ඡා සඳහා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් ඊයේ රාත්‍රියේ රැස් වී ඇති අතර එම සාකච්ඡා දීර්ඝ ලෙස සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගරුකරන ලෙස බල කරමින් අද මහජන උද්ඝෝෂණයක් ද සංවිධාන කරන බවයි එක්සත් ජාතික පක්‍ෂයේ  මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම්  සඳහන් කළේ.
Powered by Blogger.