පාර්ලිමේන්තුවේ නොදටු දසුන් මෙන්න මන්ත්‍රීවරයෙකුගේ අතේ ලේ කතානායක පුටුව වතුර හලා තෙත් කරයි




මීට පැයකට පමණ පෙර ආරම්භ වූ පාර්ලිමේන්තු සැසිවාරය අතරමග නවතා දැමීමට සිදුවූවා.

ඒ දෙපාර්ශවයේ මන්ත්‍රීවරු අතර හටගත් උණුසුම් තත්ත්වයත් සමගින්.

මෙම උණුසුම් වාතාවරණය හටගත්තේ පාර්ලිමේන්තුව ආරම්භයේ දී මහින්ද රාජපක්ෂ සිදු කළ විශේෂ ප්‍රකාශයට විශ්වාසය නොමැති බවටවූ යෝජනාවක් ලක්ෂ්මන් කිරිඇල්ල විසින් ගෙන ඒමෙන් අනතුරුව කතානායකවරයා එයට අදාළව ඡන්ද විමසීමක් කැඳවීමත් සමගයි.

එජනිස මන්ත්‍රීවරු කතානායකවරයා වෙත වේගයෙන් පැමිණි අතර එජාප මන්ත්‍රීවරු පැමිණ කතානායකවරයා ආරක්ෂා කිරීමට කටයුතු කළා.

මෙහි දී ගුටිබැට හුවමාරුවක් ද සිදු වූ අතර ඒ අතරවාරයේ දිලුම් අමුණුගමගේ එක් අතක් තුවාළ වී රුධිරය ගලා යන අයුරුද දක්නට ලැබුණා.

දිගින් දිගටම නිර්මාණය වූ උණුසුම් වාතාවරණය හමුවේ කතානායකවරයා සභාගර්භයෙන් නැගිට ගියා.

පසුව මහින්ද රාජපක්ෂ, සම්බන්ධන්, මහින්ද සමරසිංහ ඇතුළු කිහිපදෙනෙකුම සභාගර්භයෙන් පිටව ගිය බව දක්නට ලැබුණා.

පාර්ලිමේන්තුවේ වේත්‍රධාරිවරයා විසින් සභා ගර්භයේ ඇති සෙංකෝලය ඉවත් කර ගැනීමට කටයුතු කළා.

කෙසේ වෙතත්  මෙම පුවත පළ කරන අවස්ථාව වන විටත් මන්ත්‍රීවරු ගණනාවක් සබා ගර්භය තුළ එකිනෙකාට චෝදනා කරගනිමින් උණුසුම් ලෙස හැසිරෙමින් සිටිනවා.







Powered by Blogger.