ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අද පාර්ලිමේන්තුවට පැමිණීම අවිනිශ්චිතයි
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අද දිනයේ පාර්ලිමේන්තු සභාවාරයට සහභාගී වනවාද, නැද්ද යන්න සම්බන්ධයෙන් අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.
ඔහු කියා සිටියේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 11.00ට එම රැස්වීම පැවැත්වීමට නියමිතව බවයි.
පාර්ලිමේන්තුව අද පස්වරු 01.00 ට රැස්වීමට නියමිත අතර, ඉදිරියේදී පාර්ලිමේන්තුව තුළ ක්‍රියාකළ යුතු ආකාරය සම්බන්ධයෙන් අද දිනයේ පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක්ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.
Leave a Comment