දේශපාලන අස්ථාවර ඇති මොහොතක හකීම් සහ බදියුදීන් මක්කම යයි


පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවුෆ් හකීම්ගේ නායක්ත්වයෙන් යුත් ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ හා පා.ම. රිෂාද් බදියුදීන්ගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග‍්‍රස් පක්ෂ සාමාජිකයන් මක්කම වන්දනාව වෙනුවෙන් සෞදි අරාබිය බලා පිටත්ව ගොස් තිබෙනවා.

දින ගණනාවක් පුරා පූජාවිධි පැවැත්වෙන උම්රාහ් පූජෝත්සවයට සහභාගි වීම සදහා මෙලෙස ඔවුන් පිටත් වී ඇත්තේ ඊයේ දිනයේදීය.

රවුෆ් හකීම් මහතා සමඟ එම පක්ෂයේ මන්ත‍්‍රීවරුන් 7 දෙනෙක් මෙම වන්දනාවට සහභාගි වී තිබේ.

රිෂාද් බදියුදීන් මහතා සමඟ එම පක්ෂයේ 5 දෙනකු පමණ මෙම වන්දනාව වෙනුවෙන් සෞදි අරාබිය බලා පිිටත්ව ගොස් ඇත.

Powered by Blogger.