ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා කොන්දේසි විරහිත සමාව අයදී

අගමැතිවරයා ඉවත් කිරීම සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ඇතුළු ජනාධිපතිවරයා ගත් ක්‍රියාවන් සාධාරණීය කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා මාධ්‍ය හමුවේ කරුණු දැක්වීම සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා පිළිගෙන ඒ සම්බන්ධයෙන් කොන්දේසි විරහිත සමාවක් ඉල්ලා තිබෙනවා.


ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක සභාවේ අනුමැතියකින් තොරව මෙම අදහස් මාධ්‍ය හමු වලදී ප්‍රකාහ කිරීම තුළින් තමන් වරදක් කොට ඇති බවට ඔහු පිළිගෙන තිබෙනවා.

මෙම සමාව ඉල්ලීම පිළිබඳ විසිදහසක් පමණ වන ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සියලුම සාමාජිකයන්ට දැනුම් දී මාධ්‍ය නිවේදන නිකුත් කිරීමටද එකඟ වීම හේතුවෙන් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා නීතිඥ සංගමයේ මහාසභා රැස්වීමක් නොකැඳවීමටද තීරණය වූ බව වැඩිදුරටත් වාර්තා වන අතර,  කොළඹ අලුත්කඬේ පිහිටි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ශ්‍රවණාගාරයේදී නීතිඥ සංගමයේ විධායක සභාව සහ නීතිඥ සංගමයේ සාමාජිකයන් පිරිසක් සමග පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව එලෙස තීරණය කළ බවද මෙම සාච්ඡාව අතරතුර ඉතා උණුසුම් මුහුණුවරක් ගත් බවද නීතිඥ සංගමයේ ආරංචිමාර්ග සඳහන් කරනවා.
Powered by Blogger.