මාතර සිද්ධියේ තුන්වන සැකකාර සිසුවා මාතර ප්‍රධාන බස් නැවතුම්පොළේ සිටියදී අත්අඩංගුවට ගැනේ



මාතර - ඇලවේල්ල පාර, ප්‍රදේශයේ  සිදු වූ පාසල් සිසුවෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ තුන්වන සැකකාර සිසුවා මාතර කොට්ඨාශ බුද්ධි අංශය විසින් අත්අඩංගුවට ගෙන මාතර මුලස්ථාන පොලිසියේ අපරාධ අංශයට භාර දී තිබෙනවා.

ඔහු අද (27) අලුයම මාතර ප්‍රධාන බස් නැවතුම්පොළේ සිටියදීයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරු මාතර - වල්ගම ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි පාසල් සිසුවෙක්.

මෙම සිසුවා ඝාතනය සඳහා පැමිණි යතුරුපැදිය පැදවූ තැනැත්තා බවට අනාවරණ වී තිබෙනවා.
Powered by Blogger.