පෙත්සම් විභාගයේ තීන්දුව හෙට - දෙස් විදෙස් බොහෝ පිරිසක් අධිකරණ සංකීර්ණයට



පෙත්සම් සම්බන්ධයෙන්  නියෝගයක් ලබාදීමට තවදුරටත් කාලය අවශ්‍ය වී ඇති බවට වාර්ථා වෙනවා. මේ සම්බන්ධයෙන් තීරණයක් ලබා දීමට හෙට දිනයේ හැකිවනු ඇති බවයි පෙත්සම් විභාග අවස්ථාවට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කියා සිටින්නේ.

මෙම පතේසම විභාග වන අවස්ථාව සඳහා තානාධිපති කාර්ය්‍යාල නිළධාරීන් හා ව්‍යවස්ථාව සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ඉන්දියාවේ නීතිවේදීන් පවා සම්බන්ධ වී ඇති බවටයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ.


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කර ඇත්තේ ව්‍යවස්ථාවට පටහැනිව බැවින් මැතිවරණය පැවැත්වීම අත්හිටුවා එම ගැසට් නිවේදනය අවලංගු කිරීමට නියෝගයක් ලබා දෙන්නැයි ඉල්ලමින් ගොනු කළ පෙත්සම් විභාගය තව දුරටත්  ශ්‍රේෂ්ඨාධිකරණයේදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග වෙමින් පවතිනවා.

දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකුගෙන් ඇතුළු පෙත්සම් 11ක් අද දිනයේදී ශ්‍රේෂ්ඨාධිකරණයට භාරදෙනු ලැබූවා.

Powered by Blogger.