බැසිල් රාජපක්‍ෂ සමග පැවති සාකච්ඡා සාර්ථකයි - දුමින්දත් අද කැබිනට් අමාත්‍ය දූරයක දිවුරුම් දෙයි




ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක අද කැබිනට් අමාත්‍ය දූරයේ නියමිත බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසනවා.  දුමින්ද දිසානායක මහතා හා  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා අතර  ඊයේ පැවති  විශේෂ සාකච්ඡා සාර්ථක වී ඇති බවටයි වාර්තා වෙන්නේ.


කොළඹ පිහිටි දුමින්ද දිසානායක මහතාගේ නිවසේදී  පැය 4කට වැඩි කාලයක් බැසිල් රාජපක්ෂ, මහින්ද අමරවීර හා වත්මන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම්වරයා වන රෝහණ ලක්‍ෂමන් පියදාස යන අය සාකච්ඡා පවත්වා ඇති අතර, දුමින්ද දිසානායක මහතා, මහින්ද රාජපක්ෂ මහතාට සහය දැක්වීමට කැමති කරවා ගැනීමට බැසිල් රාජපක්ෂ මහතාට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බවද දැනගන්නට ලැබෙනවා. මෙම සාකච්චාව යන අතර තුර පක්ෂයේ ආසන සංවිධායකවරු බොහෝ පිරිසක්ද කොළඹ පිහිටි දුමින්ද දිසානායක මහතාගේ නිවසට පැමිණ තිබෙනවා.

මේ වනවිට මහින්ද රාජපක්ෂගේ අගමැතිධූරය සම්පූර්ණ කරගැනීම සඳහා පාර්ලිමේන්තු බහුතරය සකසා ගන්නා සටනක නිරතවී සිටින මහින්ද සොයුරු බැසිල් දුමින්ද ඇතුලු පිරිස කෙසේ හෝ නම්මවා ගැනීමට අවස්ථා ගණනාවකදී උත්සාහ කර තිබුණි.

මහින්ද රාජපක්ෂ මහතා එක්ව බිහි කිරීමට සැරසෙන නව රජයට සහාය ලබා නොදෙමින් ස්වාධීනව කටයුතු කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දුමින්ද දිසානායක ඇතුළු මන්ත්‍රීවරුන් 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් තීරණය කර තිබුණා.


නව රජය පිහිටුවීමත් සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට හා පාක්‍ෂිකයන්ට යම් යම් ගැටලු ඇතිවීමෙන් තමන් කලකිරීමට පත්ව සිටින බවද දුමින්ද දිසානායක මහතා මෙහිදී බැසිල් රාජපක්‍ෂ මහතාට ප‍්‍රකාශ කර ඇතැයි වාර්තාවේ. අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ සාකච්ඡා කර එම ගැටලු විසඳීමට තමන් පුද්ගලිකවම මැදිහත්වන බව බැසිල් රාජපක්‍ෂ මහතා පොරොන්දු වී තිබෙනවා.


කෙසේ වෙතත් දුමින්ද දිසානායක මහතා සඳහන් කර ඇත්තේ,

 "මෛත්‍රී දිනවීමට මහජනතාවගෙන් ලැබුනේ  මහින්ද විරෝධී ඡන්ද බවත් ඒ නිසා මහින්ද අගමැති කර මෛත්‍රී ජනාධිපති වීම යනු එම මහජන අපේක්ෂාවට පයින් ගැසීමක් බවත්ය. ‘අපි මහින්ද හොරා කියල ඡන්ද ගත්තේ එහෙම කියල අපි කොහොමද එයාව අගමැති කරන්නේ. ශ්‍රීලනිප එකතුවෙලා වෙන ඕන කෙනෙක් පත්කරත් මහින්ද පත්කරන එක හරිනෑ"
 යනුවෙනි.

Powered by Blogger.