ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් පනවනු ලැබුවහොත් හෙට පාර්ලිමේන්තුව රැස්වෙයි



ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් අද (13) පනවනු ලැබුවහොත් හෙට පාර්ලිමේන්තුව රැස්වන බව එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරනවා.

ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේදී මාධ්‍යෙව්දීන් අමතමින් ඔහු මේ බව කියා සිටියා.

කෙසේ වෙතත් අධිකරණය ලබාදෙන ඕනෑම තීන්දුවක් තම පක්ෂය පිළිගන්නා බවත්, මැතිවරණයකට සූදානම් බවයි ඔහු මෙහිදී සඳහන් කළේ.
Powered by Blogger.