අද දවස තීරනාත්මකයි ජනාධිපති බහුතරය පිළිගෙන අගමැතිවරයෙකු පත් කිරීමට සූදානම්! - අගමැති රනිල් පමණයි එජාපයේ ඒකමතික තීරණයක්



අද දිනයේ රටේ පවතින දේශපාලන අස්තාවරත්වයට විසඳුමක් ලබා දීමට පියවරගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශකර තිබෙනවා. ජනාධිපතිවරයා සහ කතානායක කරු ජයසූරිය මහත්වරුන් අතර ඊයේ ඇතිකර ගන්නා ලද එකඟතාවන්ට අනුව අද  ජනාධිපතිවරයා එක්සත් ජාතික පෙරමුණේ නායකයින් හමුවී සාකච්ඡා කිරීමට  නියමිතයි. 

සෑම අංශයකින්ම රට තුළ අස්ථාවර තත්ත්වයක් ඇති වෙමින් පවතින බවත්, රුපියල තවදුරටත් අවප්‍රමාණය වීම, ආයෝජන හා සංචාරක ක්ෂේත්‍රවල බිඳ වැටීම රටට තවදුරටත් දරා ගැනීමට අපහසු බැවින් ඉක්මන් විසඳුමක් ලබා දීමේ අවශ්‍යතාව කථානායකවරයා ඊයේ පෙන්වා දී ඇත්තේ.

මේ අතර, බහුතරයට ඉඩ දී ආණ්ඩුවෙන් ඉවත්වනැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අගමැති මහින්ද රාජපක්ෂ මහතාට පසුගිය දිනක දැනුම් දී තිබෙනවා. මේ පිළිබඳව අගමැති මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දෙන ලෙස අමාත්‍ය නිමල් සිරිසේන වෙත දැනුම් දී ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ. මේ පිළිබඳව කුමන තීරණයක් ගන්නේද යන්න මහින්ද රාජපක්ෂ පාර්ෂවයෙන් කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැති අතර, මේ පිළිබදව එම පාර්ශවයේ බොහෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අප්‍රසාදය පලකර තිබෙනවා.

කසේ වෙතත් අද දිනයේ නව අග්‍රාමාත්‍ය වරයෙකු දියුරුම් දීමට තිබෙන බවයි එක්සත් ජාතික පෙරමුණේ ජ්‍යෙශ්ඨ නායකයෙකු කියා සිටියේ. එහෙත් රනිල් වික‍්‍රමසිංහ මහතාට යළි අග‍්‍රාමාත්‍ය ධුරය ලබා නොදෙන බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට පෙර අවධාරණ කළේ. කෙසේවෙතත් රනිල් වික‍්‍රමසිංහ හැර එම පෙරමුණේ හෝ එක්සත් ජාතික පක්‍ෂයේ හෝ වෙනත් කිසිදු මන්ත්‍රීවරයෙකු මේ මොහොතේ අග‍්‍රාමාත්‍ය ධුරය සදහා නම් නොකිරීමටයි එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම ඉකුත්දා ඒකමතිකව තීරණය කළේ.
Powered by Blogger.