සී.වී.විග්නේස්වරන් තම පක්ෂයෙන් නිළ වශයෙන් ඉවත් වන බව දන්වමින් සිය ලිපිය බාර දෙයි



උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයෙන් නිළ වශයෙන් ඉවත් වන බවට වූ නිල ලිපිය අද (08) එම පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා වෙත බාරදී තිබෙනවා.

මේ අනුව සී.වී.විග්නේස්වරන් අද සිට තවදුරටත් දෙමළ ජාතික සන්ධානයේ සාමාජිකයෙකු නොවෙනු ඇති.

යාපනයේ පිහිටි දෙමළ ජාතික සන්ධාන පක්ෂ කාර්යාලයට පැමිණි විග්නේස්වරන් මාවෙයි සේනාධිරාජා මන්ත්‍රිවරයාට පක්ෂයෙන් ඉවත් වීමේ ලිපිය බාර දීමෙන් පසුව පැයක පමණ කාලයක් දෙදෙනා අතර ඉතා සුහඳ සාකච්ඡාවක් පැවැත් වුණා.

රටේ වත්මන් තත්ත්වය ගැන සාකච්ඡා කළ අවස්ථාවේදී විග්නේස්වරන් විසින් මාවෙයි සේනාධිරාජා හට පවසා ඇත්තේ ප්‍රධාන දේශපාලන පක්ෂ සමග දෙමළ ජාතික සන්ධානය ගණුදෙනු කිරීමේදී මීට වඩා  පරෙස්සම් වියයයුතු බවයි.
Powered by Blogger.