උසස් පොලිස් නිලධාරින්ගේ අද පැවැත්වීමට නියමිතව තිබූ විශේෂ හමුවත් අවලංගුයි




ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට අද(05) දිනයේ කැඳවා තිබූ  විශේෂ හමුව අවලංගු කර තිබෙනවා.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් මෙම හමුව කැඳවා ඇති අතර, ඊයේ පස්වරුවේ යළිත් පොලිස්පතිවරයා විසින් දැනුම්දී ඇත්තේ අදාළ සාකච්ඡාව අද දිනයේ නොපැවත්වෙන බවයි.

ඒ අනුව ඒ සඳහා  ඉදිරියේදී වෙනත් දිනයක් ලබාදීමට කටයුතු කරන බව ද පොලිස්පති පූජිත් ජයසුන්ර මහතා අදාළ නිලධාරින්ට දැනුම්දී ඇති බව සඳහන්.

කෙසේවෙතත් අද දිනයේ පැවැත්විමට නියමිත ජන රැලිය හේතුවෙන් මෙම සාකච්ඡාව අවලංගු කර ඇති බවටයි වාර්තා වෙන්නේ.
Powered by Blogger.