රනිල්ට අරලියගහ මන්දිරයෙන් පිටව යාම සදහා අවශ්‍ය පූර්ණ ආරක්ෂාව ලබා දෙන බවට ගොඨාගෙන් සහතිකයක්



 හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනාව පරිදි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ අරලියගහ මන්දිරයට පැමිණ තිබෙනවා.


එහිදී හිටපු අගමැතිවරයාට අරලියගහ මන්දිරයෙන් පිටව යාම සදහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරගන්නා අයුරු සහ එය සිදුකළ යුත්තේ කෙසේද යන්න ගැන සාකච්ඡා වී තිබෙනවා.

හිටපු ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කර ඇත්තේ අරලියගහ මන්දිරයෙන් නික්ම යන විට රනිල් වික්‍රමසිංහට සියලු ආරක්ෂාව ලබාදීමට සූදානම් බවයි.

ඔහු ඉන් ඉවත් වීමෙන් පසුව ද එලෙස ආරක්ෂාව සහතික විය හැකි බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සඳහන් කර තිබෙනවා.
Powered by Blogger.