“ජන මහිමය” අද කොළඹට - රථ වාහන ගමනාගමනය සිදු වෙන්නේ මෙහෙමයි



“ජන මහිමය” රැලිය අද පස්වරුවේ පැවැත්විමට සියලු කටයුතු සූදානම් කර තිබෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය සංවිධානය පවසනවා.

නව ආණ්ඩුවට සහය පළ කරමින් මෙම ජනරැලිය පැවැත්විමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ.


මේ අතර පාර්ලිමේන්තුව අවට අද පැවැත්වෙන විරෝධතාවය හේතුවෙන් රථ වාහන ගමනාගමනය සීමා කෙරෙන බව රථ වාහන කොට්ඨාශය සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.

පොලිස් මූලස්ථානයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ පොල්දූව මංසන්ධිය අවට මාර්ග කිහිපයක දහවල් 12 සිට රථ වාහන ගමනාගමනය සීමා කෙරෙන බවයි.

මීට අමතරව පාර්ලිමේන්තුව අවට ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 1200ක් ද යොදවා තිබෙනවා.
Powered by Blogger.