පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී බව පවසමින් මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකුත් අධිකරණයට



 පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී බව පවසමින් මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු ද ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොස් ඇති බවට වාර්ථා වෙනවා.  එහි සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් විසින් මෙලෙස ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇති අතර, එහි වගඋත්තරකරුවන් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.

එමෙන්ම 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නොහැකි බවත්, එය ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවත් පෙත්සම්කරුවන් සිය පෙත්සම් මගින් පෙන්වා තිබෙනවා.

ඒ අනුව මහ මැතිවරණය කැඳවීමේ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙසයි ඔවුන් එමඟින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.


Powered by Blogger.