ජනමාධ්‍ය අමාත්‍යංශයේ විෂයන් කිහිපයක් ජනපති යටතට ගැනීමට සැරසෙයි



ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ පවතින ආයතන හා විෂයන් ඉදිරියේදී ජනාධිපති යටතට පවරා ගැනීමට කටයුත් කරන බව කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක මහින්ද සමරසිංහ මහතා පවසනවා.

අද (07) පැවැති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරයාට පවරා ගත හැකි අමාත්‍යාංශ ප්‍රමාණය සීමා කර තිබුනත් එතුමාට පවරා ගත හැකි ආයතන ප්‍රමාණය සීමා කර නැති බවයි වැඩිදුරටත් අදහස් දැක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ.

Powered by Blogger.