පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මෙන්න



පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථානුකූල නෑ  ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

ජනාධිපතිගේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනයට අතුරුතහනම් නියෝගයක්.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබූ පෙත්සම් 13ක්  ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ  ඊයේ විභාගයට ගැනුණා.

ඒ අගවිනිසුරු නලින් පෙරේරා, ප්‍රියන්ත ජයවර්ධන සහ ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ.

පුරා දින දෙකක් තිස්සේ පැවැති මෙම කරුණු සලකා බැලීම්වලදී පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන් මෙන්ම නීතිපතිවරයා සහ මැදිහත් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කීපදෙනෙකුද අධිකරණය හමුවේ  කරුණු දක්වා සිටියා.

මේ අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මාන්ත්‍රීවරුන් විවිධ රටවල් වල තානාධිපති වරු ඉන්දීය නීති විශාරදයන් මෙන්ම තවත් නීති ශේත්‍රයට අදාල බොහෝ පිරිසක් සහභාගී වී සිටියා.
Powered by Blogger.