අද මධ්‍යම රාත්‍රීයේ පාර්ලිමේන්තුව විසුරුවා හරී! හේතුව මෙන්න




අද රිත්‍රීයේ  පාර්ලිමේන්තුව විසුරුවීමට වැඩි ඉඩක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසයි. සිය ට්විටර් ගිණුමට ඔහු කළ  ප්‍රකාශයක දැක්වෙන්නේ ආණ්ඩුවට 113ක බහුතරය නොමැති හෙයින් මෙවැනි තීරණයක් ගෙන ඇති බවයි.

යම් හෙයකින් අද දිනයේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු නොකළ හොත් පැය 48ක් තුළ එය සිදු කිරීමට වැඩි ඉඩක් පවතින බව වාර්තා වෙයි.
එම  ට්විටර් පණිවුඩය පහතින්






මේ අතර, තමන් ගත් තීන්දුව සම්බන්ධයෙන් ජනතා මතය විමසිය යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ද අද(09) පස්වරුවේ පැවැති උත්සවයකට එක්වෙමින් සඳහන් කළා.

එමෙන්ම අමාත්‍ය විමල් වීරවංශ මහතා වැඩ භාර ගැනීමේ අවස්ථාවට සහභාගී වෙමින් කියා සිටියේ හෙට එළිවන විට දෙයක් සිදුවීමට නියමිත බවයි.

මේ අතර,  රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව ද ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරමින්  අති විශේෂ ගැසට් පත්‍රයක් අද රාත්‍රී නිකුත් කළා.

ආරක්ෂක අමාත්‍යශයේ විෂය පථය සඳහන් කරමින් මීට පෙර නිකුත් කළ ගැසට් නිවේදනය මෙම අති විශේෂ ගැසට්  නිවේදනයෙන් සංශෝධනය කර තිබෙනවා..

ඒ අනුව ආරක්ෂක අමාත්‍යංශයට අයත් ආයතන ගණන 18 දක්වා ඉහළ ගොස් තිබේ.

මීට පෙර අති විශේෂ ගැසට් නිවේදනයෙන් පොලිස් දෙපාර්තමේන්තුව ද ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරනු ලැබ තිබිණි.

ආරක්ෂක අමාත්‍යවරයා වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායී.

Powered by Blogger.