ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුළු පක්ෂ ලැයිස්තුවට - පොහොට්ටුව පුම්බන්න නදහස් පක්ෂයේ සාරය උරා බොයි



 1951 එවකට පැවති එක්සත් ජාතික පක්ෂ රජයේ ඇමතිවරයෙකු වූ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ආණ්ඩු පක්ෂයෙන් ඉවත්ව විපක්ෂයේ අසුන් ගැනීමෙන් අනතුරුව  ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය "අත" ලකුණ යටතේ පිහිටුවා ගන්නා ලදී. 1952 වසරේ දී  පළමු පාර්ලිමේන්තු මැතිවරණයට මුහුණ දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය  ආසන 9 ක් දිනා ගත හැකි වූ අතර, බණ්ඩාරනායක මහතා විපක්ෂ නායක තනතුරට පත් විය.

පසුගිය මැතිවරණ වලදී සුළුතර පක්ෂ සමග සන්ධාන ගතව ජයග්‍රහණය කල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන පක්ෂය ලෙස මැතිවරණ වලට ඉදිරිපත් විය.

එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් දෙවරක් ජනපති පදවිය ලද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පක්ෂය හැර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනීමත් සමග නිදහස් පක්ෂයේ බොහෝ සාමාජිකයන් පක්ෂය අත හැර ගොස් තිබෙනවා. ඊට හේතු වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජන මතය  මහින්ද රාජපක්ෂ මහතා සමග එක් රොක් වීමයි. මෙලෙස ඔහු පක්ෂය හැරයාමත් සමග ජනතාවගේ මෙන්ම නිදස් පක්ෂයේ මන්ත්‍රීවරැන්ගේ ද වැඩි අවධානය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙත යොමු වී තිබෙනවා.

පසුගිය කාලයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මන්ත්‍රී වරුන් 16 කණ්ඩායමේ මන්ත්‍රීවරුද  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සාමාජිකත්වය ලබා ගත්තා.

මහින්ද රාජපක්ෂ මහතා අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනීමත් සමග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 50ක් පමණද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනීම සිදු වුණා.

මෙම තත්වය මත  ශ්‍රි ලංකා නිදහස් පක්ෂය යනු මෛත්‍රීපාල සිරිසේන හා තවත් කිහිපදෙනෙකුට පමණක් අයත් පක්ෂයක් බවට පත්වනු ඇති බවටයි දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ.

මේ අනුව ඉදිරි මහමැතිවරණයට මහින්ද රාජපක්ෂ පොහොට්ටුව ලකුණින් හෝ පොහොට්ටු හා අත එක්වූ සංධානයකින් ඉදිරිපත්වනු ඇති අතර, එහිදී වැඩි බලය පොහොට්ටුව සතුවනු ඇත.
එසේ නොවුණහොත් ශ්‍රීලනිපය වෙනමත් පොදුජන පෙරමුණ වෙනමත් තරග වැදී පසුව ආණ්ඩු පිහිටුවීමේදී එක්වනු ඇති.

ඒ අනුව   ශ්‍රි ලංකා නිදහස් පක්ෂය දේශපාලන පක්ෂ ලැයිස්තුවේ සුළු පක්ශයක් බවට පත්වීම වැලැක්විය නොහැක.














Powered by Blogger.