බස් ගාස්තු සම්බන්ධයෙන් අවසන් තීරණයට බස් සංගම් නියෝජිතයින් ජාතික ගමනා ගමන කොමිෂන් සභාවට



බස් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමේ සාකච්ඡාවක්  ජාතික ගමනා ගමන කොමිෂන් සභාව හා බස් සංගම් නියෝජිතයින් අතර මේ වන විට ආරම්භ වී තිබෙනවා.

ඩීසල් මිල පහළ දැමීමත් සමග බස් ගාස්තු අඩු කිරීමට පියවර ගන්නා බවයි බස් සංගම් නියෝජිතයින් පසුගිය දා ප්‍රකාශ කළේ.


 අද පැවැත්වෙන සාකච්ඡාවලින් අනතුරුව එළැඹෙන තීරණය කැබිනට් මණ්ඩලයට වාර්තා කරන බවයි ජාතික ගමනා ගමන කොමිසමේ සභාපති එම්.ඒ.පී. හේමචන්ද්‍ර මහතා සඳහන් කියා සිටියේ.

මෙ අතර,  සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයෙ  ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පැවසුවේ, 2%කින් බස් ගාස්තු පහළ දැමීමට තම සංගමය තීරණය කර ඇති බවයි

පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, ඩීසල් මිල පහළ යාමෙන් වූ වාසිය පාරිභෝගිකයාට ලබා දීමට තම සංගමය කිසිදු විරෝධයක් නොදක්වන බව යි.
Powered by Blogger.