මාතර පිහි ඇණුමේ සිද්ධියේ රසිදුගේ දෙවැනි බාල සහෝදරයා කියූ සංවේදී කතාව මෙන්න.




මාතර පිහි ඇණුමේ සිද්ධිය සම්බන්ධයෙන් රසිදුගේ දෙවැනි බාල සහෝදරයා මෙලෙස විස්තර කළා.

“බාල මල්ලී තිහගොඩ නගරයේ විද්‍යාව පන්තියකට යනවා. ඒකට එන ගෑණු ලමයෙක් මල්ලිට මොනවද කියලා මල්ලී ඒ කෙල්ලට බැනලා තිබෙනවා. මේ පිහියෙන් ඇනපු කොල්ලා ඒ කෙල්ලත් එක්ක යාලුයිලූ. ඒ කෙල්ලා ඒ බැනපු එක ඒ කොල්ලට ගිහින් එක දෙක කරලා කියලා. පසුව ඒ කොල්ලා ඇවිත් මල්ලිට පන්තිය ලගදී ගහලා තිබෙනවා. ඒ මීට මාසෙකට විතර කලින්. ඊට පසුව ඒ කොල්ලා සැරින් සැරේ කෝල් කරලත් මල්ලිට තර්ජනය කර තිබුණා. තැනින් තැන ගහනවා කියලත් කියලා තිබුණා.

පසුව මිය ගිය අයියා ඒ කොල්ලා හමු වෙලා. මල්ලිට ගහපු එකට එකක් ගහලා. මේක මෙතනින් නතර කරන්න. කොල්ලො කොල්ලොනේ . දැන් ඒක ඉවර කරන්න කියලා කියා තිබෙනවා .ඊට පසුව තමයි ඒ කොල්ලා තවත් දෙන්නෙක් එක්ක පිහියක් අරන් ඇවිත් අයියව මරලා තියෙන්නේ. මේක පිහියකින් අනින්න තරම් දුර දිග ගිය ආරවුලක් නොවෙයි. අනෙක අයියා ආරවුල් වලට පැටලෙන කෙනෙකුත් නොවෙයි. හැම විටම අයියා මට කීවේ ඔහු වෛද්‍යවරයෙක් වෙනවා. මට පරිගනක මෘදුකාංග ඉංජිනේරුවෙක් වෙන්න කියලයි. එහෙම කියපු අයියා තමයි අද අපිව දාලා ගිහින් තිබෙන්නේ.”


මාතර පිහි ඇණුමේ සිද්ධියේ සම්පූර්ණ වීඩියෝව

Powered by Blogger.