ලසන්ත අලගියවන්නෙ සහ රාජ්‍ය අමාත්‍යවරියක ලෙස දිවුරුම් දුන් ශ්‍රියානි විජේවික‍්‍රම රනිල්ට සහය දැක්වීමට යන කටකතාවේ ඇත්ත නැත්ත



 ලසන්ත අලගියවන්නෙ සහ රාජ්‍ය අමාත්‍යවරියක ලෙස දිවුරුම් දුන් ශ්‍රියානි විජේවික‍්‍රම හිටපු අග්‍රාමාත්‍ය රනිල්ට වික්‍රමසිජහ මහතාට සහය දැක්වීම සඳහා එක්වන බවට ඊයේ සවස සමාජ ජාලා හරහා දැඩි කතා බහට ලක් වුණා.


නව අගමැති ලෙස මහින්ද රාජපක්ෂ මහතා තේරීමට ගත් තීරණය ව්‍යවස්ථාවට පටහැනි බවට සඳහන් කර එක්සත් ජාතික පක්ෂයට එක්වීමේ සූදානමක් ඇති බවට එම වාර්තා පළව තිබුණා.

එහෙත් මෙම කට කතා සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ශ්‍රියානි විජේවික‍්‍රම කියා සිටියේ එම කතා බොරු බවටයි.

ඇය වැඩිදුරටත් මෙලෙස සඳහන් කළා.

"එක්සත් ජාතික පක්ෂයෙන් අනෝමා ගමගේ මන්ත්‍රිතුමිය මට කතා කළා. අගමැතිතුමා කතා කරන්න කිව්වා කියලා. එතුමියගේ ලේකම් කෙනෙක් තමයි මමත් UNPයට යනවා කියලා දාලා තියෙන්නේ. ඒක එහෙම වෙන්නේ නෑ."


එමෙන්ම ලසන්ත අලගියවන්න මහතා මේ දිනවල විදෙස් සංචාරයක නිරතවන නිසා ඔහුගේ තීරණය ගැන පැහැදිලි කිරීමක් කරන්නට කිසිවෙකු නැති අතර, ඊයේ රාත්‍රී ජනපති සමග පැවති සාකච්ඡාවකට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිමල් ලන්සා සහ අරුන්දික ප‍්‍රනාන්දු ප්‍රකාශ කළේ මේ කටකතාව ප්‍රතික්ෂේප කරන බවයි.

Powered by Blogger.