තිස්ස නැවතත් එජාපයෙන් මහමැතිවරණයට!



 එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා මෙවර මහමැතිවරණයට අනිවාර්යයෙන් ඉදිරිපත්වන බව ප්‍රකාශකර තිබෙනවා.

එහෙත් මේ මොහොතේ දී තමන් ඉදිරිපත්වන පක්ෂය පැවසීමට නොහැකි බව ද ඔහු සඳහන් කර ඇති අතර, එය  නිෂ්චිතව ප්‍රකාශ කිරීම සඳහා පැය 48ක් ලබා දෙන ලෙසටයි ඔහු ඉල්ලා සිටින්නේ.

එමෙන්ම තමන් පසුගිය කාලයේ කිසිදු දේශපාලන ව්‍යාපාරයකට සම්බන්ධ නොවූ බවයි ඔහු සිහිපත් කළේ.

මේ අතර තිස්ස අත්තනායක මහතා යළි එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන කටයුතු වලට සම්බන්ද කිරීම සඳහා ඉහළපෙලේ සකච්ඡා පැවැත්වෙන බවට ආරංචිමාර්ග සඳහන් කරනවා.

එත්සත් ජාතික පක්ෂයට තිස්ස අත්තනායක මහතා යළි සම්බන්ධ වීම සඳහා කොන්දේසී ගනනාවක් ඉදිරිපත් කර ඇති බවටයි වාර්ථා වෙන්නේ.

එමෙන්ම ඒ පිළිබඳව පක්ෂයේ ඇතමුන්ගේ විවේචන පැවතියත් පක්ෂ ප්‍රධානීන් එක ස්ථාවරයක සිටින බවයි දේශපාන ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.

Powered by Blogger.