ගාඩ් පෙට්ටියේ යකා නැටූ දුම්රිය එන්ජිං රියැදුරෙකුගේ සේවාව අත්හිටුවයි
මගීන්ට අශෝභන ලෙස බැණ වැදුණු දුම්රිය එන්ජිං රියැදුරුගේ සේවාව තාවකාලිකව අත්හිටු වීමට දුම්රිය දෙපාර්ථමේන්තුව තීරණය කර තිබෙනවා.
දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, පරීක්ෂණ අවසන් වන තුරු මෙම පියවර ගත් බවයි.
ඊයේ පස්වරුවේ කොළඹ කොටුවේ සිට හලාවත දක්වා ගමන් කළ අංක 424 දරණ කාර්යාල දුම්රියේ මගීන් කිහිප දෙනෙකු එන්ජින් මැදිරියට නංවා ගෙන අනෙක් මගීන් ඊට ගොඩවීමට උත්සහ දැරීමේදී රියදුරු ඔවුන්ට පරුෂ වචනයෙන් බැණ වදින වීඩියෝවක් සමාජ මාධ්‍යයට එක්කර තිබිණි.
Leave a Comment