කථානායක වරයාට එරෙහිව වංචා විමර්ශන කාර්යාංශයට පැමිණිල්ලක්



පසුගිය 14 වනදා පාර්ලිමේන්තුවේ හෑන්සාඩ් වාර්තාව කථානායකවරයා කූඨ ලෙස සකස් කර ඇති බවට පවසමින්  පිවිතුරු හෙළ උරුමය කොළඹ වංචා විමර්ශන කාර්යාංශය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.


 ඊයේ (27) මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති අතර, එහි  නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද ප්‍රකාශ කළේ පසුගිය 14,15,16,19,21 සහ 23 යන දිනවල පාර්ලිමේන්තුවේ කටයුතු නිසි පරිදි සිදු නොවු බැවින් අදාළ හැන්සාඩ් වාර්තා පිළිගත නොහැකි බවයි එසේම මේ පිළිබඳව  කථානායකවරයා ද දැනුවත් කර තිබෙනවා.


එමෙන්ම සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුලු පිරිසක් කථානායකවරයා වෙත යැවු අදාළ ලිපියේ දැක්වෙන්නේ එම පාර්ලිමේන්තු කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට, ස්ථාවරය නියෝගවලට සහ පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව සිදුව නොමැති  බවටයි.

මේ අතර, මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් දැක්වු නිමල් සිරිපාල ද සිල්වා ප්‍ර‍්‍රකාශ කළේ ඒ් සම්බන්ධයෙන් දිවුුරුම් ප්‍ර‍්‍රකාශ මඟින් අධිකරණයට කරුණුු වාර්තා කිිරිමට කටයුුතු කරන බවයිි.
Powered by Blogger.