ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නොමිලේ ලබාදුන් ආහාරවේල බළධාරීන් අත්හිටුවයි



මළල ක්‍රීඩාවද ඇතුළු වෙනත් ක්‍රීඩාවල නිරත ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණුවීම් සඳහා පැමිණෙන ටොරින්ටන්හි පිහිටි ක්‍රීඩා නේවාසිකාගාරයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නොමිලේ ලබාදුන් ආහාරවේල අත්හිටුවීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

 ඉකුත් වසර කිහිපයේදීම ඔවුන් සඳහා ආහාර වේල් ලබා දීම අඛණ්ඩව සිදු කෙරුණු නමුත් ඉකුත් අගෝස්තු මස සිට ක්‍රීඩා නේවාසිකාගාරය වසා දැමීමට ක්‍රීඩා අමාත්‍යාංශයේ බලධාරීන් කටයුතු කර තිබුණා. අනතුරුව නැවත එය විවෘත කළ පසු ආහාර ලබා නොදීමටද තීරණය කර ඇති බවයි එහි සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහන් කළේ.

කෙසේ වෙතත් ලබන වසරේ පැවැත්වෙන තේරීම් තරගවලින් පසුව ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබා දෙන මෙම පෝෂණ දීමනාව සහ ආහාරපාන යළි ලබා දීමට කටයුතු කරන බවයි ක්‍රීඩා බලධාරීන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ප්‍රකාශකර ඇත්තේ.


මේ අතර ලබන අප්‍රේල් මස ආසියානු ශූරතා මළල ක්‍රීඩා තරගාවලිය සහ ලෝක ශුරතා මළල ක්‍රීඩා තරගාවලිය පැවැත්වීමට නියමිතෙයි එහෙත් ඒ සඳහා ශ්‍රී ලංකා මළල ක්‍රීඩා සංගමය විසින් නම් කළ ජාතික සංචිතයටද මේ දක්වා ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියද හිමිව නැහැ.
Powered by Blogger.