පහරදීමක් හේතුවෙන් බස්රථ වර්ජනයක් ආරම්භ කරයි


ඇවරිවත්ත බස් නැවතුම්පොළේදී බස් රථයක සේවකයෙකුට සිදුවී ඇති පහරදීමකට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් ඇවරිවත්තෙන් ගමන් ආරම්භ කරන සියළු සාමාන්‍ය සේවා පෞද්ගලික බස් රථ සේවකයින් වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව මාර්ග අංක 187 - ගුවන් තොටුපළ - කොටුව ඇතුළු කටුනායක - ඇවරිවත්තෙන් ගමන් ආරම්භ කරන සියළු සාමාන්‍ය සේවා පෞද්ගලික බස් රථ වර්ජනයේ  නිරත වන බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ.

ඊයේ පස්වරුවේ සිදු වූ මෙම පහර දීමෙන් ගුවන් තොටුපළ - කොටුව බස් රථයක සේවකයා මෙ වන විට මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබනවා.
Powered by Blogger.